ජනාධිපතිවරණය කල්දාන පෙත්සම විභාග කරන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්


asianewsplusone.com sfmnewslk.com
July 5, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන විනිසුරුවරුන් එම විනිසුරු මඩුල්ලට ඇතුළත් වේ.

ව්‍යාපාරික චමින්ද්‍ර දයාන් ලේනව විසින් ගොනුකර ඇති මෙම පෙත්සම මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් ඉල්ලා තිබේ.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024 ජූලි 8 වැනි දින කැඳවීමට නියමිතය.

https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *