තුවක්කුව අතට දුන්නේ සෙල්ලම් කරන්න නෙවෙයි‘ – පොලිස් ඇමති


asianewsplusone.com sfmnewslk.com

වෙඩි තැබිය යුතු තැන වෙඩි තැබිය යුතු බවත් තුවක්කුව සෙල්ලම් කිරීමට අතට දුන් දෙයක් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස්
පැවසුවේය.

ඔහු ඒ බව පැවසුවේ යුක්තිය මෙහෙයුම යටතේ අද (4) වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ නව මුහුණුවර පිළිබඳව පොලිස් විශේෂ බලකා මූලස්ථානයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එදා තුවක්කුව හරි දේට පාවිච්චි කරන්නයි පැවසූ විට බොහෝ දෙනා තමා විවේචනය කළ බවත් වටේ දූ දරුවන් සහ පවුල් මත්ද්‍රව්‍ය අර්බුදයෙන් බේරා ගැනීම සඳහා එකම අරමුණකින් ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.

තමා ඇමතිකමේ සිටින තුරු මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පසුගිය දෙසැම්බර් මාසයේ යුක්තිය මෙහෙයුම් ආරම්භ කළේ තමාගේ ආරක්ෂාව ගැනවත් නොසිතා බව අමාත්‍යවරයා සදහන් කලේය
https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *