රජයේ මුද්‍රණාලය විසින් ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ පිරිවැය මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට මේ වනවිට ඇස්තමේන්තු කරමින් සිටින බව වාර්තා වේ.

මැතිවරණ කොමිසම පසුගිය සතියේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස දන්වා ලිපියක් යවා තිබිණි.

මැතිවරණ කොමිෂන් සභාව ඒ පිළිබඳ කළ දැනුම්දීම අනුව අවශ්‍ය ඇස්තමේන්තුව සකස් කර එම කොමිසම වෙත ඉදිරිපත් කිරීමට රජයේ මුද්‍රණාලය කටයුතු කරමින් සිටී.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයට සාපේක්ෂව මුද්‍රණ වියදම්වල සැළකිව යුතු වැඩිවීමක් වනු ඇති බවට විශ්වාස කෙරෙන අතර මෙවර (2024) මුද්‍රණ පිරිවැය 2019 වර්ෂයට වඩා හතර ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවට රජයේ මුද්‍රණාලය අපේක්ෂා කරයි.

මේ අතර, මැතිවරණ කොමිසම පවසන්නේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඇස්තමේන්තු ලැබුණු පසු ඒවා සමාලෝචනය කර මහා භාණ්ඩාගාරයට යොමු කිරීමට කටයුතු කරන බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසන පරිදි මැතිවරණයට අදාළ අයවැය ප්‍රතිපාදනවලින් භාණ්ඩාගාරය සෘජුවම මෙම ආයතන වෙත මුදල් ලබා දෙනු ඇත.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *