රාජ්‍ය සේවකයින් පිරිසකට බෝනස්


2024 ජූලි 04,

asianewsplusone.com sfmnewslk.com

තැපැල් මූලස්ථානයේ රියදුරන් 81 දෙනෙකුට මාස අටක කාලයකදී එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි අතිකාල දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වෙනවා.

2022 දෙසැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා කාලයේදී මෙම දීමනා ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

එම කිසිදු අතිකාල වවුචරයක රියදුරු ධාවනය කළ වාහනවල අංක සටහන් කර නොතිබූ බවත් මේ අනුව එම ගෙවීම් පිළිබඳ නිවැරදිභාවය විගණනයට පරීක්ෂා කළ නොහැකි වූ බවත් වාර්තාව සඳහන්.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට අයත් නොවන අභ්‍යන්තර විගණන අංශයේ සේවකයන් සඳහා පසුගිය වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ලක්ෂ දොළහක පමණ දීමනා ගෙවා තිබූ අතර මෙම දීමනා ගෙවීම සඳහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවද එම වාර්තාවේ දැක්වෙනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *