ජනාධිපති තුමෙගේ ධූර කාලය දීර්ඝ කිරිම සම්බන්ධවයි

asianewsplusone.com sfmnewslk.com

ජනාධිපති තුමාග් ධූර කාලය වසර පහක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය 2019 වසරේ පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති බැවින් ජනාධිපතිවරයාට වසරක ධුර කාලයක් දීර්ඝ කර ගැනීමට අවස්ථාවක් නොමැති බව මානව හිමිකම් සුරැකිමේ සංවිධානයේ විධායක අධ්‍යකෂ අචාර්ය්‍ එම් එම් සෆාන් මහතා පවසයි.

කොළඹදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ

“2019 වසරේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජනාධිපති ධූර කාලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී තිබෙනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහකට සීමා කර ඇති බවය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශක් කර තිබේනවා

2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ජනාධිපතිවරයාට තම ධුර කාලය දීර්ඝ කර ගැනීමට නොහැකිවනු ඇතැයි මම විශ්වාස කරමි

“තවද ජනාධිපතිවරණයක් රටේ ජනතාවට ලබා දිම රටේ ජනාධිපතිගේ වගකිමක් බවද එය ජනතාවගේ මානව හිමිකම් අයිතියක්ද වන අතර මානව හිමිකමි අරකෂා කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරණය වැළැක්වීමේ කිසිම උත්සාහයන් නොගැනු ඇතයි මගේ විශ්වාසයයි

තවද කවුරු හෝ ජනතාට අවංක සේවයක් කර ඇත්නම් මැතිවරනයකට යන්න බය ඇයිද එ මහතා තව දුරටත් සදහන් කලේය

අවිශ්ක පේරෙරා
Sfm news
Asia news +1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *