ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුවේ ප්‍රබල වෙනස්කම් සිදු කරමින් අගමැති ධුරයට වෙනත් පුද්ගලයෙකු පත් කිරීම පිළිබඳව සාකච්ඡාව තීව්‍ර වී ඇති බව අනාවරණය වේ.

රනිල් වික්‍රමසිංහගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ප්‍රබල ලෙස ආණ්ඩුවේ මැදිහත්වීමක් යොදවා ගත හැකි පුද්ගලයෙකු පත් කිරීම පිළිබඳව දැඩි අවධානයකින් රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරමින් සිටී. මේ අනුව පාටලී චම්පික රණවක, ප්‍රසන්න රණතුංග හෝ සරත් ෆොන්සේකා අගමැති ධුරයට පත් කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව දේශපාලන ආරංචි මාර්ගවලින් හෙළි වී ඇත.

මෙම තොරතුරු එම තිදෙනාට ද ලැබී ඇති අතර, තිදෙනා ම අගමැති ධුරය ලබා ගැනීමේ ඉහළම අපේක්ෂාවකින් සිටින බව ද වාර්තා වේ. ? ? ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *