July 2, 2024
asianewsplusone.com sfmnewslk.com
XP100 ලෙස හැඳින්වෙන ඔක්ටේන් 100 ප්රිමියම් පෙට්රල් අද සිට ශ්රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය.
එම ඉන්ධන වර්ගය IOC ඉන්ධනහල් මගින් බෙදා හැරෙනු ඇත.
මෙම ඉන්ධන වර්ගය විශේෂයෙන්ම ඉලක්ක කර ඇත්තේ ඉහළපෙළේ සුඛෝපභෝගී මෝටර් රථයි.
පසුගිය මැයි 18 වැනි දින මුම්බායි හි ජවහර්ලාල් නේරු වරායෙන් XP100 ඉන්ධන තොගය ශ්රී ලංකාවට නැව්ගත කර ඇති බව වාර්තා විය.
XP100 ලෙස නම් කර ඇති මෙම පෙට්රල් වර්ගය ඉන්දියාව දේශීයව නිපදවූවකි.
එය නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියන් ඔයිල් හි පර්යේෂණ සහ සංවර්ධන මධ්යස්ථානය විසින් දේශීයව දියුණු කරන ලද තාක්ෂණයක් වන ඔක්ටමැක්ස් හරහා නිපදවන ඉහළ ඔක්ටේන් පෙට්රල් භාවිතයෙන් බව පැවසේ.
එය ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් එන්ජින් ක්රියාකාරිත්වය, වේගවත් ත්වරණය, සුමට රිය පැදවීමේ හැකියාව සහ වාහනවල ඉන්ධන පිරිමැස්ම සඳහා විශේෂයෙන් මෙය නිර්මාණය කර ඇත.
එය කාබන් විමෝචනය අඩු කිරීමත් සමඟ සෞඛ්ය සම්පන්න සහ පිරිසිදු පරිසරයක් සඳහා දායක වීමට ද උපකාරී වේ.

