මැතිවරණයට සියලු කටයුතු සූදානම්


2024 ජූනි 29,
sfmnewslk.com
asianewsplusone.com
ඉදිරි මාස කිහිපයේදී මැතිවරණයක් කැදවීමට නියමිත බැවින් එම මැතිවරණය සදහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තම දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සදහන් කළා.

ඒ අනුව පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සදහා අවශ්‍ය සියලුම කටයුතු සූදානම් බවද රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සදහන් කළා.

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *