ජූනි 29, 2024
sfmnewslk.com
asianewsplusone.com
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලිසීය පවසන්නේ.
කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් ත්‍රීවිලයේ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වනවා.
අදාළ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරුවලගස්වැව පොලීසිය සිදුකරමින් පවතිනවා.
httpswwwfacebookcomUnp123ColombomibextidZbWKwL
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

