විපක්ෂයෙන් එනවා කියු 25 නාවොත් වෙනම අපේක්‍ෂකයෙක් දානවා – පොහොට්ටුව ජනපතිට නැවත දන්වයි

සමගි ජන බලවේගයෙන් සහාය ලබාදෙන බව පැවසූ මන්ත්‍රීවරුන් 25 දෙනා ජූලි මස 15 වැනි දිනට පෙර එක් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති වික්‍රමසිංහ මහතාට දෙවන වරටත් දැනුම් දී තිබේ.

එසේ විපක්ෂ මන්ත්‍රීවරු 25දෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවොත් පොදු ජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පසුගිය සතියේ පැති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.

මේ අතර පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින කිහිප දෙනෙකු සමග එම පෙරමුණ පසුගිය සතියේදී සාකච්ඡා ආරම්භ කර තිබේ.

තවද පොහොට්ටුවේ බිම්මට්ටමින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසට දැඩි බලපෑම් එල්ල වී ඇත.

asianewsplusone.com
sfmnewslk.com

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *