asianewsplusone.com
June 29, 2024
වසර තුනක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ R වාට්ටුවක ඊයේ (28) රැඳවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක ජනමාධ්‍ය වෙත පවසා ඇත.
එම වාට්ටුව සාමාන්‍ය සිරකාරියන් රඳවා තබන වාට්ටුවක් වන අතර, ඇය කාන්තා රැඳවූවන්ට නියමිත ඇඳුම (සුදු රෙද්දක් සහ හැට්ටයක්) ඇඳ සිටින බවත්, ඇයට අවශ්‍ය ආරක්ෂාව බන්ධනාගාරය තුළ සපයා ඇති බවත් ඔහු කීය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (28) ප.ව. 2.00ට පමණ බන්ධනාගාර වෑන් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන පැමිණ ඇති අතර, බන්ධනාගාරගත කිරීම සදහා අවශ්‍ය ලිපිලේඛන කටයුතු සම්පූරිණ කර, බන්ධනාගාර වෛද්‍යවරයාට යොමුකිරීමෙන් පසු අදාළ සිර වාට්ටුවට යොමු කළ බවද කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.
හිරුණිකා විශේෂ ඉල්ලීම් කිසිවක් සිදු නොකළ අතර, ඇය විශේෂ වාට්ටුවක රැඳවීමේ අවශ්‍යතාවක් මේ දක්වා පැනනැඟී නැති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා අවධාරණය කර ඇත.
sfmnewslk.com
https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

