කොළඹ ලෝටස් වටරවුම අසල විරෝධතාවයක නිරත වූ ගුරු විදුහල්පති සංගම් සාමාජිකයින්ට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
ගුරු සංගම්වල මෙම විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ.
මීට අමතරව විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය ද අවහිර වී තිබේ.
මේ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පවතින බව වාර්තා වේ.

