SFM NEWS
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (19) දින කැඳවා තිබෙන පක්ෂ විධායක සභා රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් නොකිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා.
ඒ අනුව විත්තිකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළ අධිකරණය නඩුව නැවත ජුලි මස 03 වනදා කැඳවන ලෙසද එහිදී දැනුම්දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වන හෙක්ටර් බෙත්මගේ මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව විත්තිකාර නිමල් සිරිපාලද සිල්වා මහතාගේ හා දුමින්ද දිසානායක මහත්වරුන්ගේවැඩ බලන සභාපති හා වැඩ බලන ලේකම් ධූර නීති විරෝධී බවත්, එම තනතුරුවල පෙනී සිටිමින් විධායක සභාව කැඳවීම නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබුණා.

