ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් නිල සංචාරයක් සඳහා හෙට (20) මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම ඔහුගේ සංචාරයේ අරමුණය.
ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ සංචාරය පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී තහවුරු විය.

