ව්‍යවස්ථාව කඩවන අන්දමේ කිසිම තීන්දුවක් ගැනීමට සිහිනෙන්වත් නොසිතිය යුතුයිමානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය එම්.එම්.ෂෆාන්! – 2024/06/02

කුමන පදනමක් යටතේ වුවද ජනමත විචාරණයකට ගියහොත් රට ගිනි ගොඩක් වීම නොවැළැක්විය හැකියි!

කුමන පදනමක් යටතේ වුවද ජනමත විචාරණයකට ගියහොත් රට තුල දැවැන්ත දේශපාලන සමාජ අර්බුද රැසක් නිර්මාණය විශාල ඛේදවාචකයක් රට තුල ඇති විම නොවැළැක්විය හැකි බව මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය එම්.එම්.ෂෆාන් මහතා පවසයි.

මෙරට දේශපාලනයේ හැසිරීම් රටාව පිළිබඳව දීර්ඝ කාලීන අත්දැකීම් සහිත නායකයෙකු වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවැනි අදූරදර්ශී දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි තමා නොසිතන බවද ඒ මහතා පවසයි.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවද ව්‍යවස්ථාව කඩවන අන්දමේ කිසිම තීන්දුවක් ගැනීමට සිහිනෙන්වත් නොසිතිය යුතු මොහොතක රට තිබෙන බව සියලු දෙනා තේරුම් ගත යුතු බව ද ෂෆාන් මහතා පවසයි.

අර්බුද රැසක් මැද විනාශය කරා යමින් සිටි රට භාර ගනිමින් යම් තාක් දුරකට සාර්ථක රටක් ඇති කිරීමට සිය දේශපාලන අත් දැකීම් යොදා ගත් රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයේ ඇතැම් නායකයින් ගත් වැරැදි දේශපාලන තීරණ යළි ගැනීමට තරම් බුද්ධියෙන් හීන පුද්ගලයෙකු නොවන බව සමාජයේ පොදු පිළිගැනීම යැයිද පවසන ආචාර්ය ෂෆාන් මහතා 1982 දී පැවැත්වූ ජනමත විචාරණය ඉන් පසුව රටේ ඇති වූ අවාසනාවන්ත තත්ත්වයන් රැසකට මුලපිරූ බවද පවසයි .

“රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ රට තුල සිටිය යුත්තේ සමස්ථ රටවැසින් වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු ලෙස මිස රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ වල අතකොළුවක් ලෙස නොවෙයි.ජනාධිපතිවරයා වටා එකතු වී සිටින ඇතැම් පිරිස් තවමත් ඔවුන් දන්නා පරණ දේශපාලනයේ නිරත වෙනවා.ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්.රටේ ජනතාවගේ සිතුම් පැතුම් අවශ්‍යතා සීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙනවා.පසුගිය කාලයේ සිදු අවාසනාවන්ත තත්ත්වයන් හොදින් තේරුම් ගෙන සිටින රටේ ජනතාව අපේක්ෂා කරන්නේ රට යළිත් එවැනි කණගාටු දායක තත්ත්වයකට පත් නොවන පාලන ක්‍රමයක්. දේශපාලන බොරු වීරයින් ,හනමිටි කරුවන් කයිවාරු කාරයින් වෙනුවට රටේ ජනතාව මේ මොහොතේ ඉල්ලන්නේ දක්ෂ දූරදර්ශී නුවණින් යුතු පාලන තන්ත්‍රයක් බව දැනුවත්ව හෝ නොදැනුවත්ව රට යළි ව්‍යාකූලත්වයට ඇඳදැමීමට වෙර දරන සියලු පාර්ශව තේරුම් ගත යුතුයි .යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය .

sfmnewslk.com
asianewsplusone.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *