උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන නිවේදනයක්


මීට සුළු වේලාවකට පෙර නිකුත් වුණු 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

මේ වනවිට නිකුත් කර ඇති විභාග ප්‍රතිඵලවලට අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 64.33% ක් එනම් 173,444ක් බව එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic ඔස්සේ 2024.06.05 දින සිට 2024.06.19 වන දින දක්වා අයදුම් කළ හැකි බව අවධාරණය කර තිබෙනවා.

අදාළ නිවේදනය ඉහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *