වතුකම්කරුවන්ගේ වැටුප් ගැන නිහඬ වුණු සෙන්දිල් තොණ්ඩමන්? ? ? ?

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරූමුගන් තොණ්ඩමන් මහතාගේ හතරවෙනි අනුස්මරණය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රස් කාරයාලයේ ඒ මහතාගේ ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් ආරම්භ කෙරුණා.

ඉන් අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දි තොණ්ඩමන් මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී මාධ්‍යවේදීන් විසින් වතුකම්කරු වැටුප් පිළිබඳ ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දීමට නොහැකි බවයි ඔහු පවසා සිටියේ.

වතුකම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කළද සෙන්දිල් තොන්ඩමන් මහතා එයට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *