උඩතලවින්න ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ක්වාසි අධිකරණය විසින් නිකුත් කරන ලද තීන්දුවක දික්කසාද සහතිකය නිකුත් කිරීමට රුපියල් 4,500ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

රජවැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ පැමිණිල්ලකට අනුව විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *