www.bbcmirror.lk
www.Lankawebnews.lk
සරත් සමරණායක
සරසවි උයන සහ හේමමාලි බාලිකාවෝ ප්රථම වරට රග්බි පිටියේ මහා සටනකට සැරසෙති
මෙරට පාසල් බාලිකා රග්බි ක්රීඩා ක්ෂේත්රයේ කැපීපෙනෙන පාසල් දෙකක් වන මහනුවර සරසවි උයන විද්යාලය සහ මහනුවර හේමමාලි බාලිකා විද්යාලය අතර ප්රථම වරට පැවැත්වෙන ‘සිංහ දේනුවන්ගේ රන් සටන’ මහා රග්බි තරගය මේ මස 24 වැනිදා මහනුවර බෝගම්බර ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙරට පාසල් බාලිකා රග්බි ක්රීඩාවට නව උද්යෝගයක් එක්කරන මෙම තරගය පිළිබඳ මාධ්ය දැනුවත් කිරීමේ හමුව සහ තරගයේ කුසලානය හා නිල ලාංඡන එළිදැක්වීම පසුගිය 20 වැනිදා පේරාදෙණිය රාජකීය තානායමේදී පැවැත්විණි. ඒ සඳහා පාසල් දෙකේම රග්බි කණ්ඩායම් නියෝජනය කරමින් ක්රීඩිකාවෝ එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ සරසවි උයන විද්යාලයේ රග්බි කණ්ඩායම් නායිකා කවීෂා රශ්මි සඳහන් කළේ අත්දැකීම් සහිත දක්ෂ ක්රීඩිකාවන් රැසක් තම කණ්ඩායමට ඇතුළත් වන බැවින් මෙවර ශූරතා කුසලානය සිය පාසලට දිනාදීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර, හේමමාලි බාලිකා විද්යාලයේ රග්බි කණ්ඩායම් නායිකා හංසි ගුණසේකර පැවසුවේ මෙම අභියෝගාත්මක තරගයට මුහුණදීම සඳහා තම කණ්ඩායම මනා පුහුණුවකින් සහ සූදානමකින් පසුවන බවයි. තරගයේදී ප්රබල සටනක් ලබාදීමට තම ක්රීඩිකාවන් සූදානම් බවද ඇය සඳහන් කළාය.
සරසවි උයන විද්යාලයේ විදුහල්පතිනි ඒ.ජී.ටී.ආර්. අළුදෙනිය මහත්මිය සහ හේමමාලි බාලිකා විද්යාලයේ විදුහල්පතිනි එම්.වී. ගමලත්ගේ මහත්මිය ද මෙම අවස්ථාවේදී අදහස් දැක්වූහ.
තරගයට අදාළව දක්ෂතම ක්රීඩිකාව සහ නැගී එන ක්රීඩිකාව වෙනුවෙන් පිරිනැමීමට නියමිත කුසලාන මෙන්ම නිල ටී ෂර්ට්, පදක්කම් සහ සහතිකපත් ද මෙහිදී එළිදක්වන ලදී.
සරසවි උයන බාලිකා රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස හේෂාන් ගමගේ මහතා කටයුතු කරන අතර, හේමමාලි බාලිකා රග්බි කණ්ඩායමේ පුහුණුකරු වන්නේ සුළෝචන ආතාවුද මහතාය.
පාසල් දෙකේම ක්රීඩිකාවන් ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා රග්බි කණ්ඩායම ද නියෝජනය කරන බැවින්, දෙපිල අතර තියුණු හා උද්යෝගිමත් තරගයක් දැකබලා ගැනීමට ක්රීඩාලෝලීන්ට අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට ශ්රී ලංකාවේ පැවැත්වෙන පාසල් බාලිකා රග්බි මහා තරගයක් ලෙස සැලකෙන මෙම තරගයේ මෙවර අනුග්රාහකත්වය සරසවි උයන මහා විද්යාලයීය ආදි ශිෂ්ය ක්රීඩා සංගමය ඇතුළු ආදි ශිෂ්ය ප්රජාව විසින් දරනු ලබයි.
ආදි ශිෂ්ය ක්රීඩා සංගමයේ සභාපති තරංග පෙරේරා, ලේකම් රසික සෙනෙවිරත්න, භාණ්ඩාගාරික සේනාධිර මල්ලිගමආරච්චි, උප සභාපති ලක්සිරි සහ උප ලේකම් ධනංජය බණ්ඩාර යන මහත්වරු ද මාධ්ය හමුවට එක්ව සිටියහ.
Asia news plus one
Bbcmirror Media | ක්රීඩා පුවත්
humanrightspo.org
www.asianews.lk
www.bbcmirror.lk
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonwebrepoter.com
www.ceylonwebnews.com
www.ceylonnewsmedia.com
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr



