www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදීනි ක්රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්රී ලංකා නාවික හමුදාවේ උතුරු නැගෙනහිර හා වයඹ නාවික නිලධාරීන් විසින් පසුගිය 02 දා සිට ඉකුත් 17 වන දින දක්වා උතුරු මුහුදේ චුන්ඩිකුලම් කඩ්ඩයිකාඩු වෙත්තිලකේනි කෝවිලන් නැගෙනහිර මුහුදු ප්රදේශයේ ෆවුල් පොයින්ට් ලංකා පටුන නයාරු තුඩුව කදිරවේලි මාර්බල් බීච් ඉරක්කණ්ඩි පුදුමාතලන් වයඹ මුහුදු ප්රදේශයේ පුත්තලම මොහොත්තුවාරන් කල්ලාරු යන මුහුදු කලාප ආවරණය වන පරිදි සාගර මෙහෙයුම් රැසක් සිදු කළහ.
මෙහිදී නීති විරෝධී ක්රම භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 50 දෙනෙකු සමග ඩිංගි යාත්රා 33 ක් කැනෝයි යාත්රාවක් සහ මත්ද්රව්ය ජාවාරම් කළ බවට සැක කරන පුද්ගලයන් 5 දෙනෙකු සමග බහුදින ධීවර යාත්රාවක් අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන සදහා අදාල ප්රදේශයන්හි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත බාර දීමට කටයුතු කොට ඇත.
තවද දකුණු මුහුදු ප්රදේශයේ දී සිදු කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් පුද්ගලයන් 05 දෙනෙකු හා බහුදින ධීවර යාත්රාව පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත වැඩිදුර විමර්ශන සදහා බාර දීමට කටයුතු කෙරිණි.

