සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර පිළිගත්තේය.
රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත්14 වෙනිදා අලුයම් කාලයේ සිය බිරිය සහ ඇමති ආරක්ෂකයින්ද සමඟ කටුනායක ගුවන් තොටුපොළට ගොස් ඇත්තේ බිරිඳ විදේශ ගත කිරීම සඳහා බව පැවසේ.
ගුවන් තොටුපළේ ප්‍රධාන දොරටුවෙන් රාජ්‍ය ඇමතිවරයා ගිනි අවි අතැති ආරක්ෂකයින් සමඟ ඇතුලේ වීමට උත්සාහ කිරීමේදී එසේ ගිනි අවි සමඟ ඇතුල් වීමට ඉඩදිය නොහැකි බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍යඇමතිවරයාට පවසා තිබේ.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගුවන් තොටුපොල ආරක්ෂක නිලධාරීන්ට බැණ වැදී ඇති බවද පැවසේ.
මේ අතර ඔහුගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට ප්‍රසන්න රණවීර පහරදීමක් සිදු කර තිබේ.
ඊට හේතු වී ඇති පෝටරවරයාට ගෙවිය යුතු වූ රුපියල් දහසක මුදල වෙනුවට ඔහු විසින් රුපියල් හත්සීයක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් පෝටර් සිය විරෝධය පළ කිරීම බවද කියැවේ.
ගුවන් තොටුපළේ සේවා සපයන පෝටර්වරයකුට රුපියල් දහසක මුදලක් ගෙවිය යුතු බව දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා පෝටර්වරයා කම්මුල් පාරක් එල්ල කිරීමෙන් පසු ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිට ගොස් ඇත.
පහර කෑ පෝටර් ගුවන්තොටුපොල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගොස් ඇත.
අදාළ පැමිණිල්ල කිරීමට පොලිසියට ගිය පහර කෑ තැනැත්තාට පොලිසිය නිලධාරින් පවසා ඇත්තේ මේ අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා නොමැති බැවින් පසු දින ඇවිත් පැමිණිලි කරන ලෙසය.
එහෙත් කුමන හෝ හේතුවක් මත එම තැනැත්තා ඉන්පසුව පොලිසියට ගොස් නොමැති බවද වාර්තාවේ.
පහරකෑමට ලක්වූ පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පැවසේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පැවසුවේ, ”මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට ඇදැන් ගියා මම කනේ පාරක් ගැහුවා ඒක ඇත්ත” කියාය.
