පවතින අයහපත් කාලගුණික තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා තාවකාලිකව වසාදමන බව බලධාරීහු පවසති.

විශේෂයෙන්ම මලිතගොල්ල වැනි ප්‍රදේශවල මාර්ගයේ පවතින අනතුරුදායක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ පූර්වාරක්‍ෂක පියවරක් වශයෙනි.

මෙම කාලසීමාව තුළ තම ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා විකල්ප මාර්ග සොයන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *