කෘතිම බුද්ධියේ නව බල පෙරළිය මෙන්න Meta සමාගමේ “Muse” Chat Gpt  අභිබවා යයි. 

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

මාධ්‍යවේදී  කොලින් හරිශ්චන්ද්‍ර

ලොව පුරා කෘතිම බුද්ධි (Al) තාක්ෂණ තරගය අලුත් වටයකින් උණුසුම් කරමින්, Meta සමාගම මගින් අලුතින් හඳුන්වා දුන් ‘Muse’ Al මාදිලිය, මෙතෙක් ක්ෂේත්‍රයේ පෙරමුණේ පසුවූ OpenAI සමාගමේ ChatGPT අභිබවා යාමට සමත්ව තිබේ. තාක්ෂණික කාර්යක්ෂමතාව, වේගවත් බව සහ සංකීර්ණ දත්ත විශ්ලේෂණය අතින් Muse හි ඇති ඉහළ හැකියාව මෙලෙස එය ජනප්‍රියත්වයේ ඉහළටම ඔසවා තැබීමට ප්‍රධාන හේතුව වී ඇත.

පරිශීලකයන් ලබාදෙන විධානයන් වඩාත් නිරවද්‍යව සහ ස්වාභාවික භාෂා රටාවකට අනුකූලව වටහාගැනීමට Muse සමත් බව තාක්ෂණික විචාරකයෝ පවසති. 

විශේෂයෙන්ම කෘතිම බුද්ධිය AI වෙත ලබා දෙන තොරතුරු මත (Text, Image, Audio) එකවර හසුරුවමින් ක්ෂණික පිළිතුරු ලබාදීමේ හැකියාව මෙන්ම පහසු 92 (User Interface) හේතුවෙන් ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල අවධානයක් මේ වන විට Muse වෙත යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තාක්ෂණික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ Meta සමාගම සතු විශාල පරිශීලක පදනමද මෙම නව යෙදුමේ වේගවත් ව්‍යාප්තියට සෘජුවම බලපා ඇති බවයි. Meta සමාගමේ මෙම නව පිම්ම හමුවේ OpenAI ඇතුළු තාක්ෂණික සමාගම් ඉදිරියේදී සිය Al තාක්ෂණික හැකියාවන් තවදුරටත් යාවත්කාලීන කිරීමට පෙළඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම යෙදුම Apple Store හි නොමිලේ ලබා ගත හැකි ජනප්‍රියම යෙදුම බවට පත්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම යෙදුමට ලබා දෙන අවසරයන් පාලනය කිරීමේ සම්පූර්ණ පාලන බලය පරිශීලකයා සතුව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *