හමුදා කඳවුරට දුන් මහනුවර ධර්මරාජ විදුහල් භූමිය යළි ඉල්ලා ආදි ශිෂ්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් යොමු කරයි

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

S.Anil De Silva

මහනුවර ධර්මරාජ විදුහලට අයිති දැනට ශ්‍රි ලංකා යුධ හමුදාවේ සංඥා බලකා කදවුරක් පවත්වාගෙන යන භූමිය යළි පාසලට පවරා දෙන ලෙස ඉල්ලා ධර්මරාජ විදුහල් ආදි ශිෂ්‍ය සංගමය  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මහත්මිය වෙත  ඉල්ලීමක් කර ඇති බව වර්තා වෙනවා

පසුගියදා ඇති වූ දිට්වා විනාශයෙන් පාසලේ භූමියට හා ගොඩනැගිලි වලට තර්ජනයක් එල්ල වී ඇති බවත් පාසලට අයත් යාබද මෙම භූමිය යළි ලබා දීම තුලින් සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය හදාරන පාසලේ මතු පැවැත්ම සුරක්ෂිත වන බවද එම සංගමය  ජනාධිපතිවරයාට හා අගමැතිනියට යැවූ ලිපියේ සදහන් වේ.

රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති වරයා ලෙස කටයුතු කරන සමයේ මෙම භූමිය වසර අනූ නම අවුරුදු බදු පදනම යටතේ මහනුවර ධර්මරාජ විදුහලට පවරා දී ඇත්තේ පාසල පිහිටා ඇති කඳු සහිත භූමියේ ගොඩනැගිලි සදහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බවට හඳුනා ගැනීම නිසාය.ඉන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයා හා යොවුන් සේනාංකය භාරව කටයුතු කළ සමයේ යළි ලබාදෙන පදනම යටතේ පවරා ගෙන තිබූ මෙම භූමිය පසුව රටේ පැවැති යුද වාතාවරණය හේතුවෙන් ශ්‍රි යුධ හමුදාවේ සංඥා බලකායේ කදවුරක් පවත්වාගෙන යාමට ලබා දී ඇත.

කෙසේ වෙතත් මේ වන විට රටේ යුද වාතාවරණයක් නොමැති වීමත් සිසුන් හය දහසක් පමණ ඉගෙනුම ලබන සීමිත පාසල් භූමිය වර්තමානයේ පාසල් කටයුතු සදහා ප්‍රමාණවත් නොවීමත් යන කරුණු හා පසුගියදා ඇති වූ දිට්වා ආපදාවෙන් කඳු සහිත පාසල් භූමියට සිදු වී ඇති හානිය සැලකිල්ලට ගෙන කඩිනමින් අදාළ භූමිය යළි ධර්මරාජ විදුහලට යළි පවරා දෙන ලෙස එම සංගමය සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *