පිටකොටුව බස් නැවතුම්පොළේ ජංගම වෙළදුන් 50 ක් මහපාරේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමෙන් අනතුරුව මාස 02 ක පමණ කාලයක් ගත වුවද එහි ජංගම වෙළෙදාමේ යෙදී සිටි වෙළදුන් 50 කට ආසන්න පිරිසකට නැවත එහි වෙළදාම සඳහා අවසර ලබා නොදීම හේතුවෙන් ඔවුන් අසරණවී ජීවත් වීමට මගක් නොමැතිව මහ මගට වැටී ඇති බවත් නැවත මෙහි ජංගම වෙළදාම් සදහා අවශ්‍ය අවසරය ලබා දෙන ලෙසට ප්‍රවාහන අමාත්‍යාංශය මානව හිමිකම් කොමිසමට ප්‍රවාහන අමාත්‍ය වරයාට ක්ලීන්  ශ්‍රී ලංකා ව්‍යාපෘතියට හා කොළඹ නගරාධිපති වරිය වෙත සහනයක් සලසා දෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කළත් මෙතෙක් ඒ කිසිම පුද්ගලයකුගෙන් හෝ ආයතනයකින් තමන් වෙත කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ ජංගම වෙළෙඳ සංගමයේ සභාපති නිශාන්ත සංජීව අරුණට පැවසීය.   

අවුරුදු 50 ක පමණ කාලයක පටන් තම සාමාජිකයන් මෙහි වෙළදාම් කිරීමෙන් තම පවුල් නඩත්තු කළ බවත්  වෙළදාමක් කර ගැනීමට නොහැකි වීම නිසා තම දරු පවුල් දැඩි අසරණ භාවයට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිශාන්ත සංජීව සදහන් කළේ තම සංගමයේ සාමාජිකයින් බස් නැවතුම්පොළ හි ජංගම වෙළදාම් සදහා ගාස්තුවක් ගෙවා නිසි අවසරයක් ලබා ගෙන නිල ඇදුමකින් සැරසී ජංගම වෙළදාමේ නිරත වූ බවත් බස් නැවතුම්පොළ නවීකරණය කිරීමෙන් පසු අවසරයක් ලබා නොදීම හේතුවෙන් මෙහි වෙළදාමේ නිරතව සිටි තම සාමාජික වෙළද  මහතුන් පොලීසිය ලවා අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරන බවයි. මෙම ප්‍රශ්ණය විසදීම වෙනුවට වගකිවයුත්තන් එය මග හරිනා ස්වරූපයකින් කටයුතු කරන බැවින් මේ පිළිබඳව ජනාධිපති වරයා දැනුවත් කොට සාධාරණ විසදුමකට එළැඹීම සදහා අද දින (08) ජනාධිපති කාර්යාලය වෙත ගොස් ජනාධිපති වරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලීමට කටයුතු කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *