සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

එම ලිපියේ සඳහන් කර ඇත්තේ සිය සැමියා මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුට ප්‍රතිකාර ලබා දෙන බව සහ තමන්ට සහ දරුවාට සිය සැමියා දුර සිට දැකීමට අවසර ලබා දී ඇති බවය.

මෙවැනි තත්ත්වයක් යටතේ සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබා දෙන ලෙසද ඇය සිය ලිපිය මගින් ඉල්ලා ඇත.

එමගින් සිය සැමියාට මාරාන්තික උපවාසය අත්හැරීමට පෙළඹවීමට උපකාරි වනු ඇතැයිද ඇය සිය ලිපිය මගින් සඳහන් කර ඇති අතර මෙම තීරණාත්මක මොහොතේදී සිය සැමියාට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව නීතිමය සහ මානසික සහායද අත්‍යවශ්‍ය වන බවද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *