හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ගේ විදේශ ගමන් තහනම් කරයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද දින 2026/06/03 

එම නියෝගය ෆැක්ස් මගින් ආගමන විගමන පාලක ජනරාල් වරයා වෙත දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවට අදාළව සිදු කරන පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නා.

මෙම පුද්ගලයන් විදේශ ගත වුවහොත් සිදු කරන විමර්ශන වලට අගතියක් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියා.

මෙම පුද්ගලයන් රටින් පැන යාමේ අවදානමක් ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැණුම් දුන්නා.

තුන්වන සැකකරු වන හිටපු යුධ හමුදා බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා තවදුරටත් ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *