රුපියල් 1,50,000 ක දුරකථනයට යලි පණ දුන් පොලිස් නිලධාරී මහත්වරුන්..!!! 💕

www.bbcmirror.lk      

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

💕මහා මාර්ගයේ දිවෙන වාහනවල ඝෝෂාව මැද, බෙන්තොට පාලම මත අයිතිකරුවෙකු නොමැතිව අසරණව වැටී තිබුණේ රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වටිනා වටිනා කියන ජංගම දුරකථනයකි.

💕 යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නොදැනීම ඔහුගේ සාක්කුවෙන් ගිලිහී ගිය ඒ දුරකථනය, සමහරවිට ඔහුගේ ජීවිතයේ වටිනාම මතකයන් සහ තොරතුරු රැසක් සඟවාගත් වස්තුවක් වන්නට ඇත.

💕නමුත්, ඒ මොහොතේ එම ස්ථානයෙන් ගමන් කළ බෙන්තොට පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි නිරතව සිටි පොලිස් සැරයන් ඉසුරු සමීර සහ පොලිස් කොස්තාපල් රමේශ් අරවින්ද යන මහත්වරුන්ගේ ඇස ගැටුණේ හුදෙක් මිල අධික දුරකථනයක් පමණක් නොවේ; එය අහිමි වූ මිනිසෙකුගේ සිතට දැනෙන ගින්දරයි.

💕දුරකථනය දුටු සැනින් එය තම භාරයට ගත් මේ උදාර නිලධාරීන් දෙපළ, වහාම ක්‍රියාත්මක විය. බෙන්තොට පොලිස් ස්ථානාධිපති අජන්ත පුෂ්පකුමාර මහතාගේ නිවැරදි මඟපෙන්වීම සහ උපදෙස් මත, ඉතාමත් කැපවීමෙන් දුරකථනයේ නියම අයිතිකරු කවුදැයි සොයා ගැනීමට ඔවුන් සමත් විය.

💕පසුව, අයිතිකරු පොලිස් ස්ථානය වෙත ගෙන්වා, පසුගිය 31 වනදා  ඉතාමත් ගෞරවනීය ලෙස ඔහුගේ නැතිවූ දුරකථනය නැවත ඔහුගේ දෝතටම පත් කිරීමට ඔවුහු කටයුතු කළහ. තමන්ට අහිමි වූයේ යැයි සිතා සෝකයෙන් සිටි අයිතිකරුගේ මුහුණේ ඇඳුණු ඒ අහිංසක සිනහව, මේ නිලධාරීන්ගේ නිහතමානී හදවත්වලට දුන් ලොකුම තෑග්ග වන්නට ඇත.

💕නිල ඇඳුමට යටින් දිදුලන මිනිස්කම හඳුනන, සැබවින්ම නිහතමානී සර්ලා දෙන්නෙක්.” බෙන්තොට ජනතාව අද ඔවුන් ගැන කතා කරන්නේ මහත් වූ ගෞරවයකිනි.💕

💕මිනිස්කම තවමත් මියගොස් නැත💕

අප එදිනෙදා මුහුණදෙන කාර්යබහුල ජීවිතය තුළ, පාර තොටේ ගමන් කිරීමේදී තමන් සතු වටිනා බාහිර දේ (දුරකථන, මුදල් පසුම්බි, රන් ආභරණ) පිළිබඳව මීට වඩා අවධානයෙන් සහ සැලකිලිමත් විය යුතුය. යතුරුපැදිවලින් ගමන් කිරීමේදී විශේෂයෙන්ම බඩු බාහිරාදිය ආරක්ෂිතව තබා ගැනීමට වගබලා ගන්න.

💕 එමෙන්ම, සමාජයේ සමහරක් වැරදි අඩුපාඩු දෙස බලා මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවම විවේචනය කරන සමාජයක, ඉසුරු සමීර සැරයන් මහතා සහ රමේශ් අරවින්ද කොස්තාපල් මහතා වැනි “වටිනා නිලධාරීන්” නිල ඇඳුම තුළ සිටින බව අප අමතක නොකළ යුතුය. අවංකකම සහ මානුෂීයත්වය අගය කරන සමාජයක් උදෙසා, මෙවැනි නිලධාරීන්ට අපගේ උපරිම ප්‍රණාමය පුද කරමු..💕

www.bbcmirror.com 

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com 

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-

https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *