IMF අනුමැතිය හිමිවූ අ.ඩො.මි. 695 ශ්‍රිලංකා භාණ්ඩාගාරයට බැරවෙයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ 5වන සහ 6වන සමාලෝචන සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට බැර කර තිබේ.

IMF විධායක මණ්ඩලය පසුගිය 27 වැනිදා පැවති රැස්වීමේදී මෙම සමාලෝචන සඳහා අනුමැතිය ලබාදුනි.

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුල්‍ය පහසුකමක් අනුමත කරනු ලැබීය.

එහි පස් වන සහ හය වන සමාලෝචනය අනුමත කිරීම සඳහා IMF විධායක මණ්ඩලය පසුගිය 27 වනදා රැස් වු අතර එම රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ, අභියෝගාත්මක තත්ත්වය මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව විස්තීරණ අරමුදල් පහසුකමේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බවය.

දිට්වා සුළි කුණාටුවට සහ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවදානමක් පවතින බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

2026 වර්ෂයේ ආර්ථික වර්ධනය සියයට 3ක මට්ටම දක්වා මන්දගාමී වනු ඇති බවට පුරෝකථනය කර ඇති අතර ඉන්ධන මිල ඉහළ යාම, සංචාරක ලැබීම් අඩුවීම ඒ සඳහා හේතු වී ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරිම අවසන් වීමට ආසන්නව ඇති නමුත් ණය තිරසාර අවදානම ඉහළ මට්ටමක පවතින බැවින් මුල්‍ය ප්‍රතිපත්තිය මිල ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *