www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
විමර්ශන කටයුත්තක් සඳහා අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින කාලය තුළ සිය අස්සන ව්‍යාජ ලෙස යොදා රුපියල් හය ලක්ෂ විසිපන්දහසකට ආසන්න මුදලක් ප්‍රාදේශීය සභා සේවකයන් එකොළොස් දෙනෙකුට පඩි වශයෙන් ගෙවා ඇති බවට නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ් චෝදනා කරයි ,
ඔහු මේ බව කියා සිටියේ සිය අස්සන වංචනික ලෙස යොදා සිදුකර ඇති බව පවසන මූල්‍ය වංචාවක් පිළිබඳව නුවරඑළිය අපරාධ විමර්ශන අංශයට සහ නුවරඑළිය සහකාර පළාත් පාලන කොමසාරිස්වරියට (02) උදෑසන ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ,
වැඩිදුර අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙසේද පැවසීය ,
අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් මා කැඳවා විමර්ශනය සඳහා මා කොළඹ බන්ධනාගාර ගතව සිටින කාලය තුළදී පඩි ගෙවීම සඳහා අප්‍රේල් හත්වන දිනට මාගේ අත්සනක් ව්‍යාජව යොදා ඇත ,
පඩි ලබාදීම සඳහා පත්කර ඇති නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පසුව මාගේ අත්සන යෙදීම නිත්‍යානුකූලව සිදුවිය යුතු නමුත් නිලධාරීන්ගේ අස්සනට කලින් දිනයක මාගේ අත්සන මෙලෙස යොදා ඇත ,
කෙසේ වෙතත් මා ප්‍රාදේශීය සභාවේ නොමැති කාල පරාසය තුළ මාගේ අස්සන වශයෙන් යොදා ඇති ව්‍යාජ අත්සන මා කිසිසේත් පිළිනොගන්නා බව සඳහන් කරමි ,
එලෙස ව්‍යාජ අත්සන් යොදා පඩි ලබා දීම වගේම තවත් මාගේ අත්සන ව්‍යාජව යොදා කූඨ ලේඛන සකසා ඇති බවද මා සැක කරනවා ,
මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්සිදුකර කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට තමයි අද මා ලිඛිත පැමිණිල්ලක් ලබාදී නොවර එළිය පොලිසියෙන් හා පළාත් පාලන කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලාසිටියේ ,
මා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මාගේ අත්සනින් පැමිණෙන ලිපි පිළිබඳව මා සමගද සාකච්ඡා කර තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙසයි මන්දයක් මා අත්සන් කරන්නා සේ ව්‍යාජ ලෙස අත්සන් කර ලිපි හා ලේඛන ඉදිරිපත් කර ඇති බවට මා හට දැඩි සැකයක් තිබෙනවා .
ප්‍රාදේශීය සභා සභාපතිවරයා සිදුකරන චෝදනාව පිළිබඳ නුවර එළිය පොලිසියෙන් සහ පළාත් පාලන සහකාරිස් කොමසාරිස් කාර්යාලයෙන් සිදුකළ විමසමකට ඔවුන් කියාා සිටියේ පදිස්සවා සභාපතිවරයාගෙන් තමන් වෙත ලැබී ඇති පැමිණිල්ල අනුව නිසි විමර්ශන කටයුතු සිදුකිරීමට අපේක්‍ෂා කරනන බවයි .

