ප්‍රජාශක්ති” ජාතික සංවර්ධන මුලපිරීම යටතේ දිවයිනේ සෑම ආසනයක්ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙන ” ගම් දහසක වැඩ දහසක් ” 

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

සංවර්ධන සංග්‍රාමයේ වත්තල ආසන මට්ටමේ සමාරම්භක උත්සවය අද දින (ජුනි 02) ගල්වැටිය ප්‍රදේශයෙන් සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකි විය.

මුළු දිවයිනම ආවරණය වන පරිදි රුපියල් මිලියන 25,000 ක දැවැන්ත ප්‍රතිපාදනයක් වෙන් කරමින් ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන යටතේ, වත්තල ආසනයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 65 ක මුදලක් වැය කිරීමට නියමිතය.

එහි පළමු පියවර තබමින්, වත්තල ගල්වැටිය ප්‍රදේශයේ ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් දැඩි ගංවතුර තර්ජනයට ස්ථිරසාර විසඳුමක් ලබාදීම සඳහා ඇළ මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන් අද දින මුල්ගල් තැබීම සිදු කෙරුණි. මෙමගින් ප්‍රදේශවාසී ජනතාවගේ දිගුකාලීන පීඩාවකට නිමාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරමු.

ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින් ග්‍රාමීය ආර්ථිකය හා යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් කැපවීම අපේ අරමුණයි. ඒ සඳහා සෑම ප්‍රයත්නයක්ම දැරීමට අපි සුදානමින් සිටිමු. 

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රෝහිත සේරම් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,වත්තල ප්‍රාදේශීය ලේකම් ටී. සී. රාජිකා මහත්මිය, ග්‍රාම නිලධාරීන්, ප්‍රදේශයේ කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *