www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
එස් . කේ . සමරනායක
තලවකැලේ සිට කොළඹට පැමිණ වැල්ලවත්තේ තාවකාලික ලැගුම් හලක රැඳී සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු 453 ක් ,සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ලද රහසිගත තොරතුරක් මත අදාළ ලැගුම් හල් ගොඩනැගිල්ල වටලා එහි කාමරයක තාවකාලිකව රැඳී සිටි සැකකරු ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පුද්ගලයාට ව්‍යාජ ඇමරිකානූ ඩොලර් නෝට්ටු ලැබූණු අන්දම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් වැඩි දුර විමර්ශණ සිදු කරගෙන යයි..
