www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් මෙම තත්ත්වය ඇතිව තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසි ද අපේක්ෂා කෙරේ.
එමෙන්ම උතුරු පළාත සහ අනුරාධපුර, හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං හමා යා හැකි බවද නිවේදනය කරයි.
