රුසියාවේ “විදේශ වෙළඳාම සංවර්ධනය කිරීමේදී ජාත්‍යන්තර මාර්ගවල භූමිකාව” සැසියට අමාත්‍ය බිමල් රත්නායක මහතා එක්වෙයි…!

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

විදේශ වෙළඳාම සංවර්ධනය කිරීමේදී ජාත්‍යන්තර මාර්ගවල භූමිකාව’ තේමාව යටතේ රුසියාවේ කසාන් නගරයේ දී පැවති XVII ජාත්‍යන්තර ආර්ථික සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා 2025.05.15 වන දින සහභාගි විය.

වෙළඳ, නාවික කටයුතු සඳහා මෙන්ම කලාපයේ ආර්ථික ස්ථායීකරණය පවත්වා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රවාහන සම්බන්ධතාවයන්හි වැදගත්කම පිළිබඳ මෙම සමුළුවේදී සාකච්ඡාවට බදුන් විය.

ගෝලීය ආර්ථික සංවර්ධනයේදී පුළුල් වෙළඳ මාර්ග නිර්මාණය කිරීම තුළින් සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි අවස්ථා උදාකරගත හැකි ආකාරය පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මාධ්‍ය අංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *