www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාල ලොතරයි ජයග්‍රහයකයන් පස් දෙනෙකු සඳහා සෙත් පත් ප්‍රධානය නුවර එළිය නගර මධ්‍යයේ නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකරගේ සහ ප්‍රාදේශීය ලේකම් ප්‍රගී ධනංසූරිය යන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ ,
ඒ අනුව එහිදී හඳහන 1469 දිනුම් වාරයේදී රුපියල් 3,993,992.40 ක මුදලක් දිනාගත් හල්ග්‍රනොය පදිංචි A.G.P. ගුණසිංහ මහතා , මහජන සම්පත 6134 දිනුම් වාරයේදී රුපියල් 2,500,000.00 ක මුදලක් දිනාගත් බෝගහකුඹුර පදිංචි B.A.D සුමතිපාල මහතා , මහජන සම්පත 6156 දිනුම් වාරයේ රුපියල් 2,500,000.00 ක මුදලක් දිනාගත් උඩපුස්සැල්ලාව පදිංචි M.S.උදයකුමාර උඩපුස්සැල්ලාව පදිංචි M.S.කුමාර මහතා , ගොවිසෙත 4379 දිනුම් වාරයේ රුපියල් 2,000,000.00 ක මුදලක් දිනූ රම්බෝඩ පදිංචි P.විජය කුමාර් මහතා සහ හඳහන 1459 වන දිනුම් වාරයේ රුපියල් 10,000,000.00 ක මුදලක් දිනගත් හපුතලයේ පදිංචි වී රමේෂ් යන මහත්වරුන්ට ඔවුන්ගේ දිනුම් වලට අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණ ,
තවද එයින් ටිකට්පත් දෙකක් අලෙවිකල අලෙවි නියෝජිතයින් වන නුවර එළිය අලෙවි නියෝජිත ඩෙන්සිල් ෆ්‍රැන්ක් මහතාට සහ විමලදාස මහතාට ලොතරැයි අලවිය දිරිගැන්වීම සඳහා වන සහතිකපත්‍රය හා රුපියල් 3000ක චෙක්පතට ප්‍රධානය කිරණ ,
මෙම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය නියෝජනය කරමින් කලාප කළමනාකරු කරුණාතිලක මහතා ගයාන් වන්නී ආරච්චි මහතා ප්‍රවර්ධන නිලධාරී මදුර බණ්ඩාර මහතා සහ ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගිවී සිටියහ.
