නුවරඑළිය සතිපොළ භූමිය අසූචි විමානයක් 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය මහ නගර සභාව මගින් පාලනය කරනු ලබන නුවරඑළිය සතිපොළ භූමිය තුළ පිහිටි පොදු වැසිකිලිය පාවිතයටියට අප්‍රසන්න සහ හිරිකිත බවත් වැසිකිලියෙන් උතුරා ගණන ජලය නුවරඑළිය සතිපොළ පුරාවට ගලා බසින බැවින් නොයෙකුත් රෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානම් තත්ත්වයක් ඇති බවත් ඒ ඔස්සේ වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්වන බවත් ඔවුන් මැසිවිලි නගති ,

නුවරඑළිය මහ නගර සභා පාලන ප්‍රදේශයේ මෙන්ම නුවරඑළිය ප්‍රාදේශීය සභා පාලන ප්‍රදේශයේ පාරිභෝගිකයන් සතිපතා නිවසට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාරිභෝගිකයන් පැමිණෙන මෙම සතිපොළ මේ වන විට දක්නට ලැබෙන්නේ ඉතාමත් අප්‍රසන්න පරිසරයකය ,

වැඩිපුර අදහස් දැක්වූ නුවරඑළිය සතිපොළ ව්‍යාපාරිකයන් සහ පාරිභෝගික ජනතාව කියා සිටියේ දීර්ඝ කාලයක් මුළුල්ලේ නුවරඑළිය සතිපොළ අසූචි විමානයක් සහ කසල ගොඩක් බවට පරිවර්තනය වී ඇති පසුබිමක මාධ්‍ය අරහා කිහිප වතාවක්ම මේ පිළිබඳ අනාවරණය කිරීමෙන් පසු සතියේදී දේශපාලකයන් පැමිණ ඔවුන්ගේ හිතවත් මාධ්‍යවේදීන් සමග මාධ්‍යය සංදර්ශනයක් දමන ගමන් සතිපොළ භූමිය සංවර්ධනය කරනවා බව නොයෙකුත් සුරංගනා කතා පැවසීමට කටයුතු කළ ද තවමත් සතිපොළ භූමිය අසූචි විමානයක්ව පවතින බවයි ,

තවද සතිපොළ භූමියට පැමිණෙන පාරිභෝගිකයන්ට නහය වසාගෙන එන තත්ත්වයක් උදාවී ඇති අතර එහි වෙළඳාම් සිදුකරන අයවලුන්ට නොයෙකුත් රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ සතිපොළ භූමියේ පිහිටි පොදු වැසිකිලියෙන් උතුරා ගණන ජලය මුළු සතිපොළ පුරාවටම බලා බසින බවත් ඔවුන් සාක්ෂි සාධක සහිතව පෙන්වා දෙති ,

නුවරඑළිය සතිපොළ තත්ත්වය පිළිබඳව මුළුමනින්ම වගකිවයුතු නුවර එළිය මහ නගර සභාව සතිපොළ නවීකරණයට අවශ්‍ය කටයුතු සිදු කළ කඩිනමින් සිදුකිරීමට කටයුතු කළ යුතු බව ඔවුන් ඉල්ලා සිටි ,

වෙළදුන් හා පාරිභෝගිකයන් විසින් සිදු කරනු චෝදනා පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ වග කිව යුතු බලධාරීන්ගෙන් අප සිදු කළ විමසීමකට ඔවුන් කියා සිටිය සෞඛ්‍යංශය මගින් මහා සභාව අමතා මීට පෙර හත් වතාවක් සතිපොළ සංවර්ධනය පිළිබඳ ඉල්ලීම් සිදුකළද මහ සභාවේදී ඒ පිළිබඳව කිසිදු උවමනාවක් නොදක්වන බවයි .

මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසීකර මහතාගෙන් අපට විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නමුත් ඔහු මීට පෙර මාධ්‍ය මගින් සිදුකළ විමසීම් වලදී කියා සිටියේ සිය පක්ෂය මගින් මාධ්‍යයට ප්‍රකාශයන් ලබා දීම තහනම් කර ඇති බවය ,

තවද මාධ්‍යට ප්‍රකාශ ලබා දීමට සිය පක්ෂයෙන් අවසර ලැබුණු පසු නැවත දෙනුම් දෙන බවද ඔහු මීට පෙර පවසා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *