ප්‍රාණ ඇපයේ සිටි දරුවන් මුදා ගත් විරුවන්ට ඇගයීමක්

සිය පියා විසින් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි දරුවන් දෙදෙනාව මුදා ගැනීම සඳහා දායකවූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මැතිතුමාගේ සහබාගිත්වෙයේන් පැවති උත්සවයක දී මුදල් ත්‍යාග සහ සහ සහතික පත් ප්‍රදානය කළේය.

එම උත්සවය අද මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත් වුණි.

එහිදී නියෝජ්‍ය පොලිස්පති එම්. කේ. බී. එස්. එන් ගුණරත්න මහතා සහ පොලිස් අධිකාරි වී.ජී.ඩී.එස්. සමරනායක මහතා ඇතුළු නිලධාරීන් 09 දෙනෙකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 750,000 ක් සහ පොලිස්පති ප්‍රශංසා 02ක් පිරිනමන ලදී.

පසුගියදා (05) හංවැල්ල ජල්තර නිවාස සංකීර්ණය තුළ නිවසක පවුල් ආරවුලක් මත දරුවන්ගේ පියා විසින් සිය දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගෙන අත් බෝම්බයක් පුපුරවා ගන්නා බවට තර්ජනය කර තිබුණි.

පසුව සිද්ධිය පාලනය ට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.

එහි දී සැකකරු විසින් ජීව අත්බෝම්බයේ ආරක්ෂිත අගුලු ඉවත් කර ඇති බව හඳුනාගෙන තිබුණි.

ඒ අනුව සිය ජීවිත අවදානම ද නොතකමින් එම දරුවන් දෙදෙනා සමඟ සැකකරුවාව ද ආරක්ෂිතව බේරාගැනීමට එම නිලධාරීන් සමත්විය.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *