සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වාහන ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳ වාර්තාවක් වාහන ආනයනකරුවන් විසින් කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් කරන බව ඔහු පැවසීය.
මෙම සාකච්ඡාවේදී වාහන ආනයනකරුවන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට යෝජනා කළේ එකවර ආනයනය කිරීමට ඉඩ නොදී විවිධ කාණ්ඩ යටතේ වාහන ආනයනය කිරීම වඩාත් ශක්‍ය බවයි.
තවද, බදු ගෙවීමේදී මතුවන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.
sfmnewslk.com
