ශ්‍රී ලංකාවේ පළාත් සභා තුලින් රාජ්‍ය හා දේශපාලන බලය බෙදා ගැනීමේ වාසිය උතුරු නැගෙනහිරට පමණක් යන මතය යල්පැන ගිය එකක්!මතයයි

දැනටමත් ආණ්ඩුකාරවරුන් වරුන් යටතේ පළාත් සභා 9 ක්‍රියාත්මකයි!
අඩුව මහජන නියෝජිතයින් නැතිකම පමණයි!

බලය බෙදීම කියන කාරණාව අපේ රටට අළුත් මාතෘකාවක් නොවේ.දශක තුනකට අධික කාලයක් අපි බලය බෙදා හැරීම කියන යාන්ත්‍රණය තුල අගක් මුලක් නැතුව පැටළිලා ඉන්නවා කිව්වොත් නිවැරදයි.ව්‍යවස්ථාවෙන් බලය බෙදුවත් ඇත්තටම අපේ රටේ බලය බෙදිලා නැහැ .

එවැනි වතාවරණයක් තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ වැඩසටහන් කිහිපයකට සහභාගී වෙමින් යළිත් බලය බෙදා හැරීමක් ගැන කතා කරනවා.

ශ්‍රීලංකාවේ බලය බෙදා හැරීම සම්බන්ධයෙන් මම දරන්නේ මෙවැනි අදහසක් ..

අපේ රටේ බලය බෙදා ගැනීමක් තුලින් සියලු ☸️🕉️☪️✝️ජාතීන් සාමයෙන් සමගියෙන් ජිවත් විය යුතුයි කියන මතයට විශාල ඉතිහාසයක් තිබෙනවා.එහි නුතන ඉතිහාසය පටන් ගන්නේ අසුව දශකයේ විතර.එවකට අපි පාසල් යන වයසේ පසු වූ පිරිස්. දශක තුනක් පුරා ඇදී ගිය කුරිරු අන්තවාදී යුද්ධය හට ගැනීමටත් එය ඔඩු දිවීමටත් මුලික හේතුව වන්නේත් ජාතීන් අතර පවතින අනවබෝධය හා අසමගිය.සිංහල දෙමල මුස්ලිම් හෝ මොනයම් ජාතියකට ආගමකට අයත් වුවද ඒ හැම තැනකම අන්තවාදීන් සුළුතරයක් ඉන්නවා.ඒ තත්වය ලෝකය පුරාම තියෙන දෙයක්.

ඒ තත්වය සමාජයේ තිබුණද රටක් පාලනයේදී පාලකයින් විසින් නොකළ යුතු බොහෝ දේ ඉතිහාසය පුරාම අපේ 🇱🇰රටේ ඇතැම් පාලකයින් තම බලය ලබා ගැනීම හා බලය රැක ගැනීම වෙනුවෙන් යොදා ගැනීම අද අප මේ විදින සියලු සමාජ දේශපාලන ආර්ථික ගැටළු වලට මුල කියලයි මම හිතන්නේ.?

අනෙක් අතට බලන්න අපේ රටේ දේශපාලන බලය මුළුමනින්ම තියෙන්නේ කොළඹ කේන්ද්‍ර කර ගෙන.තමන්ගේ ගමේ ඇතිවෙලා තියෙන පුංචි ගැටළුවක් විසදගන්නත් ජනතාවට කොළඹ යන්න වෙලා.යාපනය මඩකලපුව අපි ජීවත් වන උඩරට ප්‍රදේශ වල ජනතාව විශාල මුදලක් වියදම් කර ගෙන මහ මගට කාලය කාදමමින් තමන්ගේ ප්‍රශ්ණ විසදා ගන්න කොළඹ යන්න ඕනෑ.බලය බෙදිය යුතුයි කියන කාරණය ඉස්මතු වුණේ ඔන්න ඔය ප්‍රයෝගික සමාජ ගැටලුවට පිළියමක් ලෙසයි.තව දෙයක් තමයි මම ජිවත් වුණු කන්ද උඩරට ප්‍රදේශයේ සියලු ජනතාව ☸️🕉️☪️✝️සහජීවනයෙන් ජිවත් වුණා.නමුත් අපේ රටේ තියෙන වැරදි අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් භාෂා ප්‍රශ්නයක් මතු වී තිබුණා.දෙමළ ලියන්න කියන්න ඉගෙන ගත් කෙනාටත් ආණ්ඩුවෙන් ලිපි එව්වේ සිංහලෙන්. ඇතැමුන් නොපිළිගන්නා නමුත් භාෂාව නිසා ගැටලුකාරී තත්වයක් අපේ සමාජයේ සැගවී තිබුණා.රට පුර ඔඩුදුවා තිබූ සිවිල් යුද්ධයටත් මූලික හේතුවක් වුනේ ඒ තත්වය බව කිව යුතුයි.එවන් වාතාවරණයක් තුල තමයි. ඉන්දු ලංකා ගිවිසුම මගින් ලංකාව පළාත් නවයකට බෙදා ආණ්ඩුකාරවරයෙකු ප්‍රධාන ඇමතිවරයෙකු ප්‍රමුඛ හතර දෙනෙකුගෙන් යුතු ඇමති මණ්ඩලයක් පනස් අට දෙනෙකුගෙන් යුතු මන්ත්‍රීවරුන් පිරිසක් මගින් රාජ්‍ය නිලධාරීන් හා පොලිසිය යොදා ගනිමින් එම පළාත් පාලනය කිරීම තමයි ව්‍යවස්ථාවට අනුව සිදු කිරීමට යෝජනා කළේ.නමුත් අවාසනාවකට පැවැති කිසිම රජයක් ව්‍යවස්ථාවෙන් පළාත් සභා වලට තිබූ බලය නියම ලෙස භාවිතා කිරීමට ඉඩ දුන්නාද කියන ගැටලුව ජනතාව අතර තියෙනවා. බොහෝ පළාත් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ බලතල පවා හරිහැටි ක්‍රියාත්මක කළේ නැහැ.ඊට හේතු කරණා පිලිබදව සමාජයේ විවිධ මත තිබුණද නිවැරදි මතවාදයක හොයා ගැනීම අසීරු වුණා.

උතුරු පළාතේ බහුතරය දෙමළ බස කතා කරන ජනතාව.දකුණේ ජනතාව හා පාලකයින් බිය වුණා මේ පළාත් සභා හරහා ඔවුන් වෙනම රටක් බිහි කරයි කියල.දකුණේ අන්තවාදී දේශපාලකයින් මේ මතය සිංහල සමාජය තුල වපුරවා හැරියා.ජේ.ආර් .ජයවර්ධන ,ආර්.ප්‍රේමදාස ,ඩි .බි විජේතුංග චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ යන සියලු විධායක ජනාධිපතිවරුන් රට තුල බලය බෙදා හරිම කියන සාධකයේදී අසාර්ථක වු බවයි මගේ හැගිම. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමයි බලය බෙදා හැරීම ගැන පුළුල් දැක්මක හිටියේ අපේ රටේ හිටිය අවංක දේශපාලන චරිතයක් වන මංගල සමරවීරලා සමග බලය බෙදා හරිය යුතුයි කියා අපිත් තවලම් කරත්ත වල ගියා. බලය බෙදා හැරීම ගැන ජනතාව අතර සුභවාදී මතයක් හදන්න අපිත් එදා වෙහෙසුණා.නමුත් මම මුලින් කීවා වගේ අපේ රටේ ජනතාවගේ අවාසනාවකට පළාත් සභා අහෝසි කරන්නවත් ඉන් නිසි ප්‍රයෝජනයක් ගෙන බලය බෙදා හැර රට දියුණු කරන්නවත් නොහැකි වුණා.

එවැනි පසුබිමක තමයි යළිත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උතුරටම ගොස් බලය බෙදා හැරීමක් ගැන යළිත් කතා කරන්නේ. ඇත්තටම ඔහු එම කටයුත්තට අත ගසන්න සුදානම් වන්නේ අවංකව නම් මේ රටේ සාමය සමගියට ලැදී බහතරයේ සහය ඔහුට හිමිවේවි.එසේ නොමැතිව ඉතිහාසය පුරා සමහර නායකයින් කළා මෙන් බලය රැක ගැනීම වෙනුවෙන් පමණක් සිතා කටයුතු කරන්නේ නම් අනිවාර්යෙන්ම එතුමත් දේශපාලන කුණු ගොඩට විසිවෙනවා නියතයි.
මම ඔබට එක දෙයක කියන්නම් මේ රටේ දේශපාලන නායකයින් රටට හන්ගන්න හදන දෙයක් මේක.අපි දැනටත් ඉන්නේ පළාත් සභා ක්‍රියාත්මක රටක.ව්‍යවස්ථාවෙන් බලය බෙදුණු රටක.එහෙත් එක්තරා පිරිසක් එසේ බෙදා හරිය බලය ජනතාවට බොරු බිල්ලන් මවමින්
අත මිටමොලවාගෙන සිටිනවා.මම හිතන්නේ රනිල් වික්‍රමසංහ මහත්තය යාපනයේදී කිව්වේ දේ හරි .කොළඹ පාලනය තුලින් මුදල් ලැබෙන තුරු බලා නොසිට මුදල් හොයාගෙන ඔබේ පළාත දියුණු කරන්න කටයුතු කරන්න කියල ඔහු සියලු පළාත් ප්‍රධානීන්ට කිව්වේ ඇතැමුන් රටට හංගන පවතින තත්වය ඔහු හොදින් දන්නා නිසයි.

එහෙත් මෙතන ගැටළුවක් තියෙනවා.මේ වන විට පළාත් සභා මහජන නියෝජිතයින්ගෙන් තොරව අවුරුදු පහකට ආසන්න කාලයක් වෙනවා.පළාත් සිමා නිර්ණයන් හේතුවෙන් එසේ වී තිබෙන බව පැහැදිලියි.ඒ ගැටලුව පහසුවෙන් විසදා ගත හැකියි.පළාත් සභා මැතිවරණය තියල මහජන නියෝජිතයින් පත් කළ විගස පළාත් සභා සක්‍රීය කරන එක මහ ලොකු දෙයක් නොවෙයි.පළාත් සභා සුදු අලියෙක් කියන මතය දැන් වෙන විට පරණයි.මොකද දැනටමත් දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයක් සහිතව ආණ්ඩුකාරවරයෙකු යටතේ සුපුරුදු පරිදි පළාත් සභා ක්‍රියාත්මකයි.උතුරේ නැගෙනහිර හා රටේ අනෙක් පළාත් සභා සියල්ලෙහිම සභාපතිවරයාත් සක්‍රීයව සිය ධුරවල රැදී ඉන්නවා.කොයි මොහොතක හෝ පළාත් සභා යලි ඇරබෙන දිනය වෙන තුරු.ඒ නිසයි අපි කියන්නේ තවදුරටත් පළාත් සභා පිළීබදව බොරු බිල්ලන් මැවීමක් හෝ රටේ ජනතාව අතර අනියත දේශපාලන මතයන් පැතිරවීමෙන් පලක් වන්නේ නැහැ.ඒ නිසා මේ වැටුණු රට යලි ගොඩනැගීමේදී ඉදිරිපත් වන සියලු සාධක අභිබවා ආසියානු කලාපයේ පමණක් නොව ලොව ඉහළම බලය බෙදා හැරීමේ යාන්ත්‍රණයක හිමිකරුවන් වූ ශ්‍රීලාංකික අපට එය ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමු කළ කාලය පැමිණ ඇති බවයි අපගේ හැගීම.

අචාර්ය්‍ය mm සෆාන්
Chief Editor
sfm news
Asia News +1
sfmnewslk.com
asianewsplusone.com
🙏☸️🕉️☪️✝️🙏

Director – Human Rights
Protection organization
Sri Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *