ඒකක 180ට වැඩි විදුලි බිල අද සිට ක්‍රියාත්මකයි මහා ජනතාව කලකිරිමේන්❓❓❓

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

විදුලි පරිභෝජනය ඒකක 180 ඉක්මවන ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා සියයට 18ක විදුලි ගාස්තු වැඩි කිරීමකට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා අදාළ මෙම නව ගාස්තු සංශෝධනය අද  (11) සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විරෝධතාද එල්ල වී ඇත.

මීට පෙරද අප්‍රේල් 1 වැනිදා සිට දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 8 සිට 14.4 දක්වා ඉහළ දැමීමට අනුමැතිය ලබාදී තිබූ අතර, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි නිෂ්පාදන පිරිවැය වැඩිවීම නව සංශෝධනයට හේතුව ලෙස දක්වා ඇත.

නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම පසුගිය අප්‍රේල් 27 වැනිදා සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුවක් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබූ බව සඳහන් වේ.

කෙසේවෙතත්, විදුලි පාරිභෝගිකයින්ට සිදුවන බලපෑම අවම කිරීම සඳහා රජය රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදීමට ලිඛිතව එකඟ වී ඇති බැවින් මෙරට පාරිභෝගිකයින්ගෙන් සියයට 95කට මෙම වැඩිවීම බල නොපාන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *