ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලසුම් කර තිබුණු බෝම්බ තොගයක් තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඇමෙරිකාවේ විරෝධය මැද ඊශ්‍රායලය, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දීමට සූදානම් වන බැවිනි.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් අවස්ථා කීපයකදී ඉල්ලා ඇත්තේ රෆා නගරයට පහර දීමෙන් වළකින ලෙසය.

රෆා නගරයට පහර දුන්නොත්, මහා විනාශයක් සිදුවේවි යැයි ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් බිය පළ කර ඇත.

ඒ හේතුව නිසා ඊශ්‍රායලයට යැවීමට සූදානම් කළ බෝම්බ තොගය, තාවකාලිකව ඊශ්‍රායලය යැවීම නැවැත්වීමට ඇමෙරිකන් රජය තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *