උඩරට හා උතුරු දුම්රිය මාර්ග වල දුම්රිය ධාවනය අඩාල වීමෙන් දුම්රිය සේවකයින් කොට උඩ… 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

 උඩරට හා උතුරු දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය අඩාල වීම මත එම මාර්ග ආශ්‍රිත දුම්රිය ස්ථානවල සේවය කරන සේවකයින්ට අතිකාල අහිමි විමක් සිදුව ඇති බවත්  ඔවුන් සදහා අවම මාස තුනක හෝ ණය සහනයක් ලබා දෙන ලෙසත් ශ්‍රීලංකා දුම්රිය ස්වශක්ති සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ජේ. රොබට්ස් විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමුකර තිබේ. 

දිට්වා සුළි කුණාටුවත් සමග රඹුක්කන සිට අඹේවෙල දක්වා   දුම්රිය මාර්ගය හානි වී දුම්රිය ධාවනය අඩාල වී තිබීමත්, උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට කන්කසන්තුරේ දක්වා මාර්ගයද නවීකරණයන් හේතුවෙන් වසා දමා තිබීමත් මත එම මාර්ගවල සේවය කරන දුම්රිය සේවකයින්ට අතිකාල දීමනා අහිමි වි ඇත. මාසික  වැටුපෙන් පමණක් පවුල් බර දැරීමට සිදුව තිබෙන බවද එම්.ජේ රොබට්ස් සදහන් කලේය.  

දුම්රිය සේවකයින් බොහෝ පිරිසක් බැංකු ණය ගෙවන බවත්, දෙපාර්තමේන්තු සුබසාධන ණය ද ලබාගෙන ඇති බවත් ලැබෙන වැටුපෙන් එම අයකර ගැනීම් සිදුවීමෙන් ඔවුනට මාසයට ලැබෙන වැටුප මුළුමනින්ම අහිමි වන බවද මෙය මානුෂීය හේතුවක් ලෙස සලකා මොවුන්ගෙන් අයකරගැනීම් සදහා මාස තුනක හෝ සහනයක් සලසන ලෙස ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

එසේම දුම්රිය සේවකයින් සේම සමස්ත රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයින්ද පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති හෙයින් ඔවුන්ටද මෙම සහනය ලබාදීම පිළිබඳ අවධානය යොමුකරන ලෙසද  ස්වශක්ති සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

www.bbcmirror.com 

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com 

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-

https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *