රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

රජයේ කාර්යාලවලට අදාළව ප්‍රකාශයට පත්කර ඇති මෙම විශේෂ නිවාඩු දිනය නැවත දැනුම් දෙන තුරු බලාත්මක වනු ඇති.

කෙසේ නමුත් සෞඛ්‍ය, වරාය, ජල සහ රේගුව වැනි අත්‍යාවශ්‍යයෙන් ම කටයුතු කළ යුතු ආයතන සඳහා මෙම නිවාඩුව අදාළ කර නොගන්නා බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ අනුව පාසල්, විශ්වවිද්‍යාල, අධිකරණ යන ක්ෂේත්‍රයන් සඳහා ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකෙනු ඇති.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ රජයේ සියලුම උත්සව ද තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *