කියුබානු නව තානාපතිනිය සහ ටිල්වින් සිල්වා අතර හමුවක් 

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබානු නව තානාපතිනි පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා මහත්මිය (Patricia Pego Guerra) අතර හමුවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී 2026/03/03 දින සිදුවිය.

මෙහිදී ශ්‍රී ලංකාව හා කියුබාව අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමත් කියුබා කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ සාකච්ඡා සිදුව තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආපදා කළමනාකරණය සඳහා සහයෝගය ලබා දීමේ හැකියාව පිළිබඳ කියුබා තානාපතිනිය ප්‍රකාශ කර ඇති අතර දෙරටේ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *