පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එරෙහි විවෘත යුද්දයක් ප්‍රකාශයට පත් කරයි.. 

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින දේශසීමා ගැටුම් උච්චතම අවස්ථාවකට පත්වෙමින්, පකිස්ථානය අද ( 27) ඇෆ්ගනිස්ථානයේ තලේබාන් බලධාරීන්ට එරෙහිව “විවෘත යුද්ධයක්” ප්‍රකාශයට පත් කළේය. 

පාකිස්තාන ගුවන් හමුදාව තලේබාන් හමුදා මූලස්ථානයක් වෙත බෝම්බ හෙළා ඇති අතර, කාබුල් හී පිහිටි තලේබාන් මූලස්ථානයකට මෙලෙස බෝම්බ හෙළු බවයි වාර්තා වන්නේ.

පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ්  X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තම රටේ “ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති” බවයි. “දැන් අප සහ ඔබ අතර පවතින්නේ විවෘත යුද්ධයකි” යැයි පවසමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මෙය  තීරණාත්මක සටනක් වනු ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කළේ නේටෝ (NATO) හමුදා ඉවත් වීමෙන් පසු ඇෆ්ගනිස්ථානය කලාපීය ස්ථාවරත්වයට මුල් තැන දෙනු ඇතැයි බලාපොරොත්තු වූවත්, වර්තමානය වන විට ඇෆ්ගනිස්ථානය ඉන්දියාවේ ජනපදයක් බවට පත්ව ඇති බවයි. එසේම, තලේබාන් රජය කාන්තාවන්ට ඉස්ලාමය මගින් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් උදුරා ගනිමින් තම පුරවැසියන් පීඩාවට පත් කරන බව ද ඔහු සඳහන් කළේය.

පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි පවසා ඇත්තේ පකිස්ථාන හමුදාව විසින් දියත් කරන ලද මෙම ප්‍රහාරය ඇෆ්ගනිස්ථානයේ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට ලබා දුන් සුදුසු පිළිතුරක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *