2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 06 දින සිට 2026 මාර්තු 15 දින දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බවයි.

තවද, විෂය අංක 52 – නර්තනය (දේශීය), විෂය අංක 53 – නර්තනය (භාරත), විෂය අංක 54 – සංගීතය (පෙරදිග) සහ විෂය අංක 55 – සංගීතය (කර්ණාටක) යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 09 දින සිට 2026 මාර්තු 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මීට අමතරව, විෂය අංක 56 – සංගීතය (බටහිර), විෂය අංක 57 – නාට්‍ය හා රංග කලාව (සිංහල), විෂය අංක 58 – නාට්‍ය හා රංග කලාව (දෙමළ) සහ විෂය අංක 59 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයයන් සඳහාද ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 09 දින සිට 2026 මාර්තු 16 දින දක්වා පැවැත්වෙන බව සඳහන් වේ.

ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර සිට දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/onlineapps මඟින්ද ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *