2026 ජාතිකාභිමානී සම්මාන ප්‍රදානය.

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

වර්තමානයේ මෙරට විවිධ ක්ෂේත්‍රයන් හි නියැලෙමින් ජනතාවගේ උන්නතිය උදෙසා  විශිෂ්ඨ සේවාවක් ඉටුකරන අයවළුන් අගයා අහස් මීඩියා ආයතනය විසින් 05 වන වරටත් සංවිධානය කරන ලද ජාතිකාභිමානී උත්තමාචාර – 2026 (Pride of the Nation) සම්මාන උළෙල ඉකුත් 22 දා පස්වරුවේ කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත්විණි.

මෙහිදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් තෝරාගත් 60 දෙනෙකු හට සම්මාන හා සහතික පත්‍ර පිරිනැමීම මෙරට 08 වන විධායක  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් හා කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ඇතුළු ආරාධිතයින් විසින්  සිදු කෙරිණි.

මෙම සම්මාන උළෙලේදී විශාරද එඩ්වඩ් ජයකොඩි විශාරද චරිතා ප්‍රියදර්ශනී මහාචාර්ය ප්‍රදීපා ධර්මදාස ප්‍රවීණ ගායක නලීන් පෙරේරා හා ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී පෙරේරා පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුළට්ලර් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ඇගයීමට ලක්වූ අතර අරුණ මාධ්‍යවේදිනී ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ මහත්මිය ද මෙහිදී සම්මානයට පාත්‍රවිය.

www.bbcmirror.lk      

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-

https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *