සිරමැදිරියේ රඳවා සිටි 24 හැවිරිදි තරුණයෙකුට මත්ද්‍රව‍්‍ය මුසුකර කිරි තේ ලබාදීමට උත්සාහ කළ 22 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට 

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සැකකාරිය විසින් රැගෙන එන ලද සැන්විචය තුළ සූක්‍ෂම ලෙස බහා තිබූ මත්කරලක්ද පිලියන්දල පොලිසිය විසින් සොයාගෙන ඇත.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් පොලිස් සිරිමැදියේ රඳවා සිටියදී, ඔහුගේ පෙම්වතිය බව කියන සැකකාර තරුණිය ඊයේ (22) දහවල් එම තරුණයා බැලීම සඳහා පැමිණ තිබූ බව පොලිසිය කියයි.

තරුණයා සමග මඳ වේලාවක් කතාබස් කර පොලිස් නිලධාරීන්ගේ අවසරය පරිදි, කුඩා ඉටි බෑගයකින් බටයක් සහිත කිරිතේ එකක්ද, සැන්විච් ද රැගෙන පොලිසියට පැමිණීමේදී, ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකාරිය රැගෙන එන ලද කිරිතේ සහ සැන්විච් පරික්ෂා කිරීමේදී මත්ද්‍රව‍්‍ය අඩංගු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *