ඉන් කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවගේ දැනට තිබෙන ඉඩම තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ ඵලදාව ලබා ගෙන ඒවා දේශීය නිෂ්පාදනයට පමණක් නොව අපනයනය සඳහා ද සුදුසු භවබෝග නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය ලබා දෙන බවයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පවසන්නේ.
ඊශ්‍රාලය වැනි රටවල වගාවට උචිත පරිසරයක් නොමැති වුවත් ඔවුන් වගාවට දක්ෂ බවත් බිංදු ජල, ක්ෂුද්‍ර ජල, උස්සාන ජල යෝජනා ආදිය උපයෝගී කර ගන්නා බව ද ඔහු කියා සිටියේය.
කන්න දෙකකට පමණක් සීමා වි ඇති අප රටේ කෘෂිකර්මාන්තයේ වගා චක්‍රය ශක්තිමත් කර අතරමැදි කන්නයක් වුව ක්‍රියාත්මක කළ හැකි බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ගොවියාගේ භෝගවලට ස්ථාවර මිලක් ලැබිය යුතු බවත් එහි දී ගබඩා පහසුකම් නිවැරදිව කළමනාකරණය විය යුතු බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 175 වැනි අදියර යටතේ අද අනුරාධපුර මිහින්තලේ තිරප්පනේ ඇතුන්ගම ගැමුණු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
sfmnewslk.com
