වීසා ගැන ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (06) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවය.

වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසු අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත් ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව ද පැවසීය.

ETA ක්‍රමවේදයේ තිබූ දෝෂ හේතුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ බවත් ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *